හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ සැලකිය යුතු මිල පහළ යාමක් වාර්තා වී තිබේ.
විදෙස් මාධ්‍ය අනුව, බොරතෙල් මිල 10%කට වැඩි අගයකින් පහළ වැටී ඇති අතර, එය වෙළෙඳපොළ තුළ පැවති සැපයුම් අවදානම් අඩුවීමක් ලෙස විශ්ලේෂණය කෙරේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88 දක්වා පහත බැස ඇති අතර, West Texas Intermediate (WTI) බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 84 දක්වා අඩු වී තිබේ.
වෙළෙඳ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, හෝමූස් සමුද්‍ර මාර්ගය සම්බන්ධ අස්ථිරතාවය අඩුවීම ගෝලීය තෙල් සැපයුම් ස්ථාවරත්වයට සෘජු බලපෑමක් සිදු කළ බවයි.




