spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වෙනස් වෙයි !

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ (Global Energy Market) බොරතෙල් මිල ගණන්වල කැපී පෙනෙන සංශෝධනයක් සිදුවෙමින්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) දිනයේදී අමෙරිකානු ඩොලර් 75 සීමාවට (USD 75) ආසන්න වෙමින් පවතින බව විදෙස් වර්තා පවසයි.

විදෙස් මාධ්‍ය විශ්ලේෂණයන්ට අනුව, ජාත්‍යන්තරව ඉහළ ඉල්ලුමක් පවතින WTI (West Texas Intermediate) ඉන්ධන බැරලයක මිල අද (17) පෙරවරුවේ සෘජුවම අමෙරිකානු ඩොලර් 75ක සීමාව සනිටුහන් කර තිබේ.

මේ අතර, ලෝකයේ ප්‍රධානතම තෙල් දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් වර්ගයේ බැරලයක මිල අද දින සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 78.72ක් ලෙස ඉහළ අගයකය.

කෙසේ වුවද, මැදපෙරදිග කලාපයෙන් සැපයෙන මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.81ක් දක්වා යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ද අදාළ ජාත්‍යන්තර වෙළෙඳපොළ වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

ලෝක තෙල් මිලෙහි සිදුවන මෙම වෙනස්වීම් ඉදිරියේදී දේශීය ඉන්ධන මිල කෙරෙහි ද වක්‍රව බලපෑ හැකියි.

Popular Articles