ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගනිමින් හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා අද (31) පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති ස්වේච්ඡාවෙන් ක්රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කළ කාලසීමාවට වඩා ශීඝ්රයෙන් පහළ යාම සහ සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්රමාණය ඉහළ යාම මත ඊයේ (30) දිනයේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය විය. එම තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් වාර්තා වූ අතර, එම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පස්වරු 2.15 වන විට පියවර ගනු ලැබීය.
එම අසමතුලිතතාව පාලනය කිරීම සඳහා ඊයේ (30) දිනයේද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඒවා ස්වේච්ඡාවෙන් විසන්ධි කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.



