spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

විමල් වීරවංශට, රහසින් කියන්නෙ බිමල් රත්නායක..

විමල් වීරවංශට, රහසින් කියන්නෙ බිමල් රත්නායක….🔇 ඔයාව ගේමක් ගහල ද්‍රෝහිය කරල අයින් කරන්න හදන්නෙ…

(මේ ඒ කතාව කලබල නැතිව කියවන්න සහ වරුණ රාජපෂගෙ මේ සමග අමුණා ඇති වීඩියෝව නරඹන්න.. )

මෙකී සටහණත් දේශපාලන කරුණු හැර නායකයන්ගේ වරුණ කියන කළු කුහරය මේ ලියවිල්ලත් හෙළි නොකරන බව කරුණාවෙන් සලකන්න…..

📚මුළු මධ්‍යයම කාරක සභාවක් අන්දලා ජනතා විමුක්ති පෙරමුණේ පළමු අමනුෂ්‍ය ගේම් එක විමල් වීරවංශ..

මේ වීඩියෝවේ වරුණ රාජපක්ෂ කියන කතාව සම්පූර්ණ ඇත්ත…

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනව පාසැල් සමයේ සිට දේශපාලනය කල, වරුණ කියන මේ මොහොතේ බොල්ෂෙවික් පක්ෂය ඉවත් වීමේදී පෙරටුගාමී ලෙස ඉවත් වූ තවත් සාමාජිකයෙක් ලෙස මේ සටහන්කරු මේ ලිපියට එකතුකරන්නෙ දශමයයි..

වරුණ මේ කියන කළු කුහරය, දැන් මාලිමාවේ ප්‍රධානතම සටන්කරුවා වන සමගී ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජකයෙක් වුණත් , තවමත් වරුණලා ආරක්ෂාකරන ,

😓📚 මේ සටහන්කරුගෙ අදහස…, වමේ රතු කොඩි දාගෙන… මේ ලෝකයේ යහපත් තැනක් කිරීමේ වුවමණාව වෙනුවෙන් පුද්ගලික අංශුවක හෝ බලාපොරොත්තුවක් රහිතව තමන්ගේ මුළු ජීවිතයම කැප කල , මිනිස්සු බිලියණයකගෙන් එකක් වන සත්‍යවාදී මිනිස්සු අන්දන ඇන්දිල්ල.. ( ආර්ථිකව, සමාජීයව සහ සංස්කෘතිකව , උදාහරණයක් මගේ තාත්ත.. කෝටිගණන් එයාගෙ මැණික් සල්ලි සහ තවමත් අන්තවාදී ආගමක් වගේ අධ්‍යාත්මිකවත් අදහන්නේ ජවිපෙ..)

මේ වීඩියො වෙ වරුණ කියන දැන් ඛන්ඩණය වුණු සියලු සාමාජිකයෝ ගහන කුණු ඩබල් ගේම්.. ජවිපෙ ප්‍රධාන පක්ෂවලට නායකයන්ට කියන මුදල් වංචාවලට වඩා බරපතල ලෙස , අශිෂ්ඨයි… මතකතියාගන්න අරව මුදල් වංචා.. මේව මිණිස්සුන්ගෙ ජීවිත එක්ක , මිනිස්සුන්ගේ අවංක සත්‍යවාදී හැඟීම් එක්ක කල සහ නෂ්ඨ නරුම ලෙස තවමත් කරන සෙල්ලම්.. මිනිස්සු පණ පිටින් මනෝවිද්‍යාත්මකව කරපු සහ කරන සාහසික ඝාතණ…..

📚ඒකාධිපති , මිණීමරු නාසි හිට්ලර් එකී විකෘති හැසිරීම අස්සෙ.. යුධෙව් ජාතික දැරිවියකට තමන්ගෙ දුවට ආදරය කරනවා වගේ…. ආදරය කරන, නිසා…. නාසි හිට්ලර්ට තිබුණු හෝ අවම මනුෂ්‍යත්වයවත්, තෙතමණයවත්, නොතිබුණු නෂ්ඨ රැලක් දැන් ඔය බෙදිල ඉන්න නායක රැල..

ඔය වාමාංශික ලෙස රඟ දක්වන නළු නිළියන්ගේ හෙළුව ළිහුවොත්.. උන් එක්ක අපිත් දවසක් හරි ජීවත් උනා කියලා කියන්න ලැජ්ජ නිසා…. ඒව ඕපන් කරනොගන්න එක…. හතරට පහට කැඩිල ඉන්න එකී සියළු නායක එළු රැලට වඩා හොඳයි…….

නැවත නැවතත් සටහන් කරනව.. මේ කියන්නේ මේ ලෝකය යහපත් තැනක් කරන්න සුබ සිහිණ සහිතව පුද්ගලික අංශුවක හෝ බලාපොරොත්තුවක් රහිතව තමන්ගෙ මුළු පුද්ගලික ජීවිතයම දුන් මිනිස්සු බිලියණයකගෙන් එකක් වෙම සත්‍යවාදී මිනිස්සු ගැන නම් නෙවෙයි.. ඒ වගේ මිණිස්සුත් අන්දපු සහ තවමත් අන්දමින් සිටින නායක සත්තු රැල ගැන..

📚 මතකතියාගන්න… ලෝක ඉතිහාසයේ විප්ලවවාදීන් සම්බන්ධව ලෝකය පුරා නිර්මාණය වී තිබෙන ආදරය, නැහැනම්, පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් වායුගෝලය විනාශ වෙන නිසා.. කාලගුණ විපර්යාස, දැනටමත් ලෝකය පුරා ආරම්භ වෙලා අවසන් නිසා.. අනාගතයෙ ලෝකයට අනිවාර්යෙන් පෘතුවියෙ මිනිස් ගහනය පාලනය කරන්නම සිද්ධ වෙන නිසා… එකී තෝරාගැණීමේදී ජාන විද්‍යාව සත්‍යය නිසා ලෝකයේ ඊළඟ ශිෂ්ඨාචාරයට වඩාත් සුදුසු විප්ලවාදී ජානවලට.. ලෝකයම සොයන ලෝකයේ වටිනාම ජාන පද්ධතිය.. පරාර්ථකාමී මේ ලෝකයට අසීමිතව ආදරයය කරන.. නෂ්ඨ ජාතිකවාදී.. තමන්ගේ මව්බිම ගැන පමණක් නොසිතන.. අද පලස්තීණයෙ මැරෙන දරුවගෙ ලේත් තමන්ගෙ ලේ වගේ දැණෙන , අපේ ආදරණීය පෘතුවිය ආරක්ෂා කරන පෙරමුණේ ඉන්න . මේ ලෝකය එකක් ලෙස සිතණ මිනිස්සු බිලියනයකගෙන් එකක් වෙන ලෝකයෙ විප්ලවවාදින්ට අපහාසයක් වන ලංකාවේ දෙබඩි වාමාංශික නායක රැල.. මේ සටහන්කරුවා විශ්වාස කරන්නේ නිශ්චිත මොහොතකදී හෙලිකළ යුතුමයි කියලා… සහ නිශ්චිතයි ඒක කරනව…. ඒකට නිශිචිත මොහොත එන්න ඕනි කතාව කියන්න… සහ ලියන්න.. තාම කාලය දීපය දේශය නෙවියි ඒකට……………….

📚නැවත විමල් වීරවංශගේ කතාව.. විමල්ගෙ ජීවිතය විනාශ කිරීම.. අද විමල් වීරවංශට රාජපක්ෂ එක්ක ලැග්ග ද්‍රෝහියා කියලා එයාලගේ අනුගාමිකයන්ට කියන්න පුරුදු කලාට….

විමල්ව දේශපාලන ව්‍යාපාරයෙන් පන්නන්න.. ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස ගේම් ප්ලෑන් කරලා. දේශහිතෙයිෂී ජාතික ව්‍යාපාරය වෙනුවට වෙනත් පෙරමුණක් හදල, එකී පෙරමුණේ නායකයා බවට අනුර කුමාර දිසානායක පත් කරපු එකේ ඉදන්.. සංවිධානාත්මකව සිද්ධ වුණ දේශපාලන ගේම්..

ඔය අයියලා නඩය මුළු ජීවිතේම කලේ ගේම් ගහපු එක, එකී ගේම් එකිනෙකාට ඇරපු එක, ඇර ගත්තු එක..

📚එවෙලේ.. අයියෙ ඔයාව ගේමක් ගහල ජවිපෙන් අයින් කරන්න යන්නේ කියලා විමල්ට කෝල් කරල මධ්‍යයම කාරක සභාවෙ තොරතුර හොරෙන් කියන්නෙ බිමල්.. බිමල් රත්නායක…..

විමල් එතනදිත් කෙතරම් හැඟීම් බරද කියන්නේ… විමල් ඉතාම සත්‍යවාදීව දේශපාලන මණ්ඩලයටම මැසේජ් එකක් දානවා… ( වරුණ කියන ජවිපෙ බොල්ෂෙවික් සමුළුවෙ) කුමාර් ගුණරත්ණම්ගෙ නම මහින්දට කිව්වෙ මම කියල සැක නම්.. මට මධ්‍යයම කාරක සභා ඕනි නැහැ.. මට ඕනෑම කමිටුවක් දෙන්න.. මම ඒ ඕනිම කමිටුවක වැඩකරන්නම් කියල…)

📚Urgent..විමල්ට බොරු චෝදනා කලාට මහින්ද රාජපක්ෂට කුමාර් ගුණරත්නම්ල සහ රහස් බොල්ෂෙවික් පක්ෂය ගැන කිව්ව කියල.. කුමාර් මහින්ද ස්කයිප් තාක්ෂණයෙන් කතාකරල තියෙන්නෙ ඒ සිදුවීම වෙන්න අවුරුදු ගණනකට කලින්…ඒකට සාක්ෂිය මියගිය නන්දණ ගුණතිලක..

විමල් එසේ කියද්දීත් විමල් ඉවත් වෙන මොහොතේ පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ පිටතින් තබන වෙඩි පහරට වඩා ඇතුලතින් තබන වෙඩිපහර සැරයි කියල.., වේදනාත්මකයි කියල.. මුළු ලෝකයක් හිණාවුනාට විමල් කිව්වෙ ඒ ඇත්ත…. පෙණුම සහ හරය වෙනස් දාර්ශණික කතාව ලෝකයෙ ඇත්ත වෙන්නෙ එහෙම…

📚😓අඩුම තරමේ එක කමිටුවේ හිටපු කෙනෙක් කෝල් එකක් දීලා කතා නොකරන තැනට මිනිහෙක් හුදකලා කරනවා…. සන්ධාන දේශපාලනයට ගිහිල්ලා ජාතිකවාදී දේශපාලනයෙන් බලය ගන්න එක විමල්ගේ විතරක් නෙවෙයි සෝමවංශ අමරසිංහගේ, ලාල් කාන්තගේ , බිමල් රත්නායකගේ දේශපාලනය උපක්‍රමයක්.. සහ අදහසක්.

1994 චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ ඉඳලා, මහින්ද රාජපක්ෂ හදන එක දක්වා.. අද දක්වා ( එයාලගේ පැරදුණු එකම අශ්වයා සරත් ෆොන්සේක විතරයි.. ) අනූ හතරෙන් පස්සේ ලංකාවේ හදපු හැම ජනාධිපතිවරයෙක් හදපු දේශපාලන ගේම් පිටිපස්සෙම ජවිපෙ නායකයො හිටියා.. මතක තියාගන්න ඒ ජවිපෙ ලෝකයට පෙන්වන ජනප්‍රිය මීඩියා නායකයෝ විතරක් නෙවෙයි වරුණ මේ කියන රහස් නායකයෝත් මේ සියලු තොරතුරු දැනගෙන හිටියා..

අන්තිමට සියල්ල එකතුවෙලා විමල්ව විතරක් කොටු කලා.. රාජපක්ෂලගේ සියලු කුණු විමල්ට දැම්මා… විමළුත් ඒව භාරගත්ත.. එයා තවමත් විශ්වාස කරන, කල ජාතිකවාදී දේශපාලන මාවත නිසා..

📚අද හතරට පහට බෙදිච්ච මේ රතු රෙදි තවරන් ඉන්න නායක රැලවල් වල කිසිවෙක් සුද්දවන්තයෝ නෙවියි… සමහරුන්ට සහ එයාලගෙ ගෝත්‍රික අනුගාමිකයන්ට වරුණල සජිත් ප්‍රේමදාස එක්ක සමගිය ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දේශපාලනය කරන එක තමයි.. මහා වරද..

මතක තියාගන්න මේ යුගයේ ශුද්ධ වූ කිසිවෙක් නැහැ…

ශුද්ධ වූ කිසිවෙක් හෝ සිටීනම් අභියෝගකරනව.. එන්න පළමු ගල අරගෙන ගල් ගහන්න….

මේ සටහන ඇතුලෙත් වරුණ මේ වීඩියො වෙ කියන කළු විවරය තවමත් විවර කරලා නැහැ.. මතකතියාගන්න …තවමත්…..

📚💚🌸ලෝකයෙ කොමියුනිසම් කියන්නෙ ජීවන විලාශයකයට.. ලංකාවේ වාමාංශික කියලා රඟපාන නායකයෝ හෝ බොහෝ අනුගාමිකයෝ බහුතරයක් අන්තවාදී ආගම් අදහන පිස්සෝ රැලක් හැර කොමියුනිසම් ජීවන විලාශය මොකද්දවත් කියලවත් ඒ කිසිවෙක් දන්නේ නැහැ.. ඊට වඩා කොමියුනිසම් ජීවණ විලාශ සහිත මිණිස්සු.. UNP එකේ සහ රාජපක්ෂ දේශපාලන කඳවුරේ නෙවෙයි සටහන්කරු කිසිසේත් පිළි නොගන්න දේශපාලනයක් වන අන්තවාදී ආගම්වාදී බොදු බල සේනාවේ පවා හිටියා…

කොමියුනිසම් ජීවන විලාශය කියන්නෙ ලයිෆ් ප්‍රැක්ටිස් එකෙන්..ආධ්‍යාත්මිකව අසීමිත වූ සත්‍යවාදී බවට.. අසීමිත වූ, ආදරයේ හැඟීමකට….

අසීමිතව තමන්ගෙ අනෙකාව දැණෙන දරා ගැනීමේ හැඟීමකට.. එකී සිතන විදිහ සහ ජීවන විලාශය ලයිෆ් ප්‍රැක්ටිස් එකෙන් ස්ප්‍රෙඩ් වීම…විකාශය වීම.. ලෝකයම එසේ වූවන්ගේ එකක් බවට පත්වීමයි ලෝකය වෙනස් වීම කියන්නේ… විප්ලවවාදි දේශපාලනය කියන්නෙ ඒකට.. ඒ හැර අන්තවාදී ආගම් වගේ දේශපාලන පක්ෂ අදහන ලංකාවේ දේශපාලන උපසංස්කෘතිය කියලා කියන්නේ තවමත් පරිණාමය නොවුණු ගෝත්‍රික සත්තුන්ගේ ආකෘතියක්…..

එකී අසීමිත ආදරය සත්‍යවාදී බව ඔබේ ජීවිතය තුල දැන් තිබේනම්, විප්ලවාදී ජීවන භාවිතාව කියන්නේ ඒකට.. නැතුව රතු කොඩි එළාගෙන , චේගුවාරාගෙ ෆොටෝ ගහගෙන ඉන්න පරණ වමේ වාමාංශික පක්ෂ දේශපාලනයකට නෙවෙයි…

මෙකී තර්කයට සාපේක්ෂව ලොක ඉතිහාසයේ අද දක්වා.. ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා බුදුන් වහන්සේ.. රම්‍ය සුරම්‍ය සුබ සියලූ සැප සහ සක්විති රජකම අත්හැරලා දාලා ලෝකයේ මිනිස්සු වෙනුවෙන් කැලෑවට ගිහිල්ල.. ලෝකයේ මිණිස්සු නිවන්න සත්‍යයක් සොයපු සහ එය සොයාගෙන..

ඒ වෙනුවෙන් සංඝ කියලා මහණ කියල, පංසල් කියල උපසංස්කෘතියක් හදලා.. ලෝකයට ඒ පණිවිඩය දීපු..

බහුජන හිතාය බහුජන සුඛාය….

සිද්ධාර්ථ ගෞතම කියන ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා ලෝකයට දීපු පණිවිඩය.. මේ ලිපියට මික්ස් කරන්නෙ…සැබෑ විප්ලවවාදි දේශපාලනයෙ ජීවනවිලාශය ලෝකයට දනවන්න…

📚💚ත්‍රිපිටකය මහා භද්‍රේගරතන සූත්‍රය…

ඉතිහාසය සම්බන්ධව කම්පා නොවන්නේද.. අනාගතය සම්බන්ධව සිහිණ නොමවන්නේද..

මේ මොහොත ( be in this moment )

සිහියෙන් නිදහසේ කල් ගෙවන්නේද ඔහුගේ හෝ ඇයගේ සිත නිවේ…

මේ යුගයේ සත්‍යවාදී විප්ලවවාදී දේශපාලනය කියන්නේ සිද්ධාර්ත ගවුතම බුදුන් එකී යුගයට සාපේක්ෂව..ගම් දනව් නගර හරහා කකුල් ලේ ගලණකම් පාගමන් යමින්.. කරමින් කිව් මේ මැසේජ් එක පණිවිඩය ලෝකයට දනවන එක.. එය ලෝකයේ සිතන විදිහ සහ ජීවන විලාශය බවට පත්කිරීම..

💚📚🌸 නැහැනම් ලෝකයනම් මායාවෙන් මිදිල.. මම ,මට ,මගේ, මගේ පවුල කියන සංකල්පය වෙනුවට මම ( Ego ) නැති කරන, (ඒක අතිශය වේදණාත්මකයි.. ඒක මනෝවිද්‍යාත්මක මරණයක්..)

මේ තප්පරයේ මේ දැන්ම අලුත් ලෝකයක් දකින්න උත්සාහ කරන කතාව.. වසංතය එනවා සත්තයි කියල…අනාගතය වෙණුවෙන් සිහිණ හදන එක තමයි ලෝකයේ ලොකුඅ බොරුව..

ලෝකයේ සත්‍යවාදී විප්ලවවාදී දේශපාලනය කියන්නේ ඒකට.. ඒ හැර ලංකාවේ වාමාංශක ලෙස රඟ දක්වන තක්කඩින්ගේ කුණු ඩබල් ගේම් රතුකොඩි චේගුවෙරා විජේවීරවාදී දේශපාලනයට නෙවෙයි..

Popular Articles