Thursday, May 28, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ශ්‍රී ලංකාවට IMF වෙතින් තවත් අනුමැතියක්! ඩොලර් මිලියන 695ක් ලැබෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචන සඳහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය ඊයේ (27) හිමි විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලබා ගැනීමට මාර්ගය පෑදී තිබේ.

IMF නිරීක්ෂණ සහ අනතුරු ඇඟවීම !

අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සිය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අගය කරයි.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග අර්බුදය නිසා ආර්ථිකයට අවදානමක් පවතින බව පෙන්වා දෙයි.

2026 වසරේ ආර්ථික වර්ධනය 3%ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ක්ෂේත්‍රයේ බලපෑම් ඊට හේතු වේ.

ණය තිරසාරභාවය පිළිබඳ අවදානම තවමත් ඉහළ බැවින්, මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් මුල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගත යුතු බව IMF අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව යළිත් වරක් IMF සහාය ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, ආර්ථික ස්ථාවරත්වය සඳහා IMF සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම රටට විශාල ශක්තියක් වන බවයි.

Popular Articles