spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සජබ ය අධිකරණ තීන්දුව එනතුරු , චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු වගකීම් වලින් ඉවත් කරයි..

2023 වසරේ සිදු කළ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දැරූ සියලු තනතුරු වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මේ පිළිබඳව සඳහන් කර ඇත.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර ඔහු එවකට තම පක්ෂයේ කිසිදු තනතුරක් නොදැරූ බව ය.

සමගි ජන බලවේගය කිසිදු විටෙක දුෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට විරුද්ධ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Popular Articles