spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සමා­ජය සහ රාජ්‍යය යහ­පත් මඟ­කට යොමුකරන පොසොන්. විපක්‍ෂනායක සජිත්..

සකල ලෝක­වාසී සහ ශ්‍රී ලංකා­වාසී සැදැ­හැති බෞද්ධ ජන­තාව අති­උ­ත්ක­ර්ෂ­වත් අන්ද­මින් සම­රනු ලබන පොසොන් පොහොය නිමිත් කර ගෙන ශුභා­ශිං­සන පණි­වි­ඩ­යක් යොමු කිරී­මට ලැබීම උතුම් භාග්‍ය­යක් සේ සල­කමි.

පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ආධ්‍යා­ත්මික ඉති­හා­සයේ සුවි­ශේෂ සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කරන පොහො­යක් ලෙස හැඳි­න්විය හැකිය. මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ විසින් අති­උ­තුම් බුදු­ද­හම ශ්‍රී ලංකා ද්වීප­යට දායද කළා වූ උතුම් පුණ්‍ය දින­යක් ලෙස හැඳි­න්වෙන පොසොන් පොහොය යනු හුදෙක් ආග­මික උත්ස­ව­යක් පම­ණක් නොව මිනි­සාගේ සිත, සමා­ජය සහ රාජ්‍යය යහ­පත් මඟ­කට යොමු කළ ආධ්‍යා­ත්මික විප්ල­ව­යක සංකේ­ත­යක් ලෙස ද හැඳි­න්විය හැකිය. මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ සහ දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා අතර එදා සිදු වූ ඒ ඓති­හා­සික සාක­ච්ඡාව අපට උග­න්වන්නේ බලය හෝ ධනය මත නොව ප්‍රඥාව, සංවා­දය සහ අව­බෝ­ධය මත සමා­ජ­යක සැබෑ දියු­ණුව ගොඩ­නැ­ඟෙන බව යි. එම දහම් පණි­වි­ඩය එදා මෙන්ම අද ද අපේ රටට වැද­ගත් වේ. අභි­යෝග රැසක් හමුවේ තෙරපී සිටින අපේ රටේ ජන­තා­වට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එක­මු­තු­කම යි. වෛරය නොව මෛත්‍රිය යි. අසා­ධා­ර­ණය නොව යුක්තිය යි. බුදු­ද­හමේ හරය වන කරු­ණාව, දයාව, සමා­නා­ත්ම­තාව සහ සත්‍ය­ග­රු­ක­භා­වය අපගේ පෞද්ග­ලික ජීවි­ත­වල මෙන් ම ජාතික ගම­න්මඟේ ද මූලික වටි­නා­කම් බවට පත් කර ගැනී­මට මෙම පුණ්‍ය දිනයේ අප සැම අදි­ටන් කර ගත යුතුය. විවිධ ආගම්, ජාතීන් සහ සංස්කෘ­තීන් නියෝ­ජ­නය කරන ජන­තා­වක් ලෙස අප සියලු දෙනා එක ම රටක දරු­වන් බව සිහි­පත් කර­මින් අන්‍යෝන්‍ය ගෞර­වය, සහ­ජී­ව­නය සහ මානු­ෂී­ය­ත්වය පද­නම් කර ගත් සාධා­රණ හා සෞභා­ග්‍ය­වත් ශ්‍රී ලංකා­වක් ගොඩ­නැ­ඟී­මට අදි­ටන් කර­ගත යුතුය. පොසොන් සඳෙන් ඒකා­ලෝක වන අද දින සැම හද­වත් තුළ වෛරය වෙනු­වට මෛත්‍රි­යත් අසා­ධා­ර­ණය වෙනු­වට යුක්ති­යත් ජනිත වේවා යන්න මාගේ ප්‍රාර්ථ­න­යයි.

Popular Articles