අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් රට තුළ සයිබර් අපරාධ රැල්ලක් දියත් කිරීමට සැක කෙරෙන ජාවාරමක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද (20) ව්‍යර්ථ කරන ලදී.
චීන ජාතික කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු විසින් රුපියල් පනස් එක් ලක්ෂ හතළිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ බැටරි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඇත්තේ ඉතා සූක්ෂම ලෙසය. ඔවුන් තම ඇඳුම් තුළ විශේෂයෙන් සකස් කළ ජැකට්, පාවහන්වල මේස් සහ ටොෆී බෑග්වල මෙම උපකරණ සඟවාගෙන පැමිණ තිබුණි.
චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් ෂැංහයි නුවර සිට පැමිණි මෙම පිරිස, ‘හරිත මාවත’ ඔස්සේ නීතියේ රැහැනින් ගැලවී යාමට උත්සාහ කළද, රේගු නිලධාරීන්ගේ දැඩි අවධානය හේතුවෙන් එම උත්සාහය අසාර්ථක විය.




