අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ දුම්රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සාලියපුර, ජයන්ති ග්‍රාමයේ පදිංචිව සිටි කේ. සසිනි උපේක්ෂා කුමාරි නමැති 29 හැවිරිදි දෙදරු මවකි.
ඇය සිය රැකියාවේ නිරත වී නැවත නිවස බලා යතුරු පැදියකින් පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.
අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ වෙළෙඳ සැලක වැඩකටයුතු නිම කර නිවස බලා යමින් සිටියදී උතුරු දුම්රිය මාර්ගයේ මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙවැනි අනාරක්ෂිත හරස් මාර්ග ඔස්සේ ගමන් කිරීමේදී මහජනතාව දැඩි අවධානයෙන් සහ පරෙස්සමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙම සිදුවීමෙන් යළිත් අවධාරණය වේ.




