ලෝකප්‍රකට සුපිරි හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ජේම්ස් හෑන්ඩ්ස් (James Handy) ඔහුගේ නිවස තුළදීම අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් (Los Angeles) හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී කිසියම් පුද්ගලයෙකු විසින් පිහිටියකින් (තියුණු ආයුධයකින්) ඇන මෙම සාහසික ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මියයන විට 81 වන වියේ පසු වූ ජේම්ස් හෑන්ඩ්ස්, දශක ගණනාවක් පුරා ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් සිනමා පෞරුෂයකි.
ඔහු රංගනයෙන් දායක වූ ලෝකප්‍රකට සිනමා නිර්මාණ කිහිපයක් මෙසේය,
- ‘Jumanji’
- ‘Top Gun: Maverick’
- ‘Logan’
මෙවැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට හරහා ඔහු ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය.
මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ආරක්ෂක අංශ විසින් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජේම්ස් හෑන්ඩ්ස්ගේ පෙම්වතියගේ පුත්‍රයාය.
ඝාතනයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ලොස් ඇන්ජලීස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
ප්‍රවීණ රංගන ශිල්පියාගේ හදිසි සමුගැනීම හේතුවෙන් සමස්ත හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයම මේ වන විට දැඩි සෝකයකට පත්ව ඇත.




