රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට තලංගම පොලිසියට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මැයි 18 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවති පෙරහුරු කටයුතුවලට බාධා කිරීම සහ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියට අදාළව නීතිමය පියවර ගැනීමට පොලිසිය මීට පෙර පියවර ගෙන තිබුණි.
තමන් අත්අඩංගුවට ගත් බව විමල් වීරවංශ මහතාද සිය සමාජ මාධ්‍ය හරහා තහවුරු කර තිබේ.



