
ගෑස් මිල වැඩිවීමෙන් ගෘහස්ථ ආර්ථිකයට තවත් බරක්
ගෘහස්ථ LP ගෑස් මිලද ඉහළ දමා තිබීමත් සමඟ පවුල්වල මාසික වියදම් තවදුරටත් වැඩිවීමේ අවදානමක් ඇතිවී තිබේ.ගෑස් ආනයනය කරන සමාගම් පවසන්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ ප්‍රවාහන වියදම් වැඩිවීම මෙම තීරණයට හේතු වූ බවයි.
ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් භාවිතා කරන පවුල්වලට මෙය විශාල බලපෑමක් ඇති කළ හැකි බව පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි. විශේෂයෙන් මධ්‍යම සහ අඩු ආදායම් ලබන පවුල්වල වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ඔවුන් සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් හෝටල් සහ ආහාර වෙළඳසැල් කර්මාන්තයටද බලපෑම් ඇතිවිය හැකි බව ව්‍යාපාරිකයන් පවසයි. ආහාර නිෂ්පාදන වියදම් ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී ආහාර මිලද ඉහළ යා හැකි බව ඔවුන් අනාවරණය කරයි.


