Friday, March 20, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඇමරිකාව සහ ඊශ්‍රායලයට දැවැන්ත පරාජයක්

පවතින යුධ තත්ත්වය හමුවේ ඇමරිකාව සහ ඊශ්‍රායලය දැවැන්ත පරාජයකට මුහුණ දී සිටී.

ඇමරිකාවේ ත්‍රස්ත මර්දන ප්‍රධානී ජෝසප් කෙන්ට් හදිසියේම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු ප්‍රකාශ කළේ, යුද්ධයට යහපත් මානසිකත්වයෙන් සහාය දිය නොහැකි බවයි.

ඉරානය ඇමරිකාවට සෘජු තර්ජනයක් නොවූ බවත් තහවුරු වී තිබෙනවා.

ඊශ්‍රායලය දැවැන්ත මානසික සුනාමියකට මුහුණ දී තිබේ.

ඉරානය විසින් මිසයිල 150කට ආසන්නයක් එල්ල කළ අතර, දුම්රිය සහ ප්‍රවාහන පද්ධති විනාශ වීමෙන් වැසියන් තුන්දහසක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

මේ අතර බොහෝ දෙනෙකු දරුණු මානසික කම්පනයකට ලක්වී, සයිරන් හඬ සහ පිපුරුම් ශබ්ද නිසා පශ්චාත් ආතතියත් මතුවී තිබේ.

බොහෝ වැසියන්ගේ හෘද ස්පන්දනය අක්‍රමවත් වී හෘද රෝගී තත්ත්වයන්ද හටගෙන තිබෙනවා.

ඇමරිකාවටද දැවැන්ත පරාජයක් සිදුවී තිබෙනවා.

ප්‍රධාන රේඩාර් පද්ධති විනාශ වී, USS Gerald Ford නෞකාව ගින්නට හසු වී ග්‍රීසියට පිටත් විය.

මේ නිසා ඇමරිකානු හමුදාවට යුද මෙහෙයුම් නිරීක්ෂණ හැකියාව අහිමි විය. තවද, රතු මුහුදේ සහ මධ්‍යධරණී මුහුදේ යුද මෙහෙයුම් තත්ත්වය අතිශයින්ම අභියෝගාත්මක තත්ත්වයකට පත් වී ඇත.

ලෝක ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදු වී ඇත.

තෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහල ගිය අතර, ලෝකයේ උපක්‍රමික තෙල් සංචිත ඉතා ඉක්මනින් අවසන් වීමේ අවදානමක් පවතිනවා.

මෙය ලෝක වෙළඳපොළේ විශාල අස්ථිතිකතාවයක් ඇති කළා.

ඉරානයටද දැවැන්ත පාඩුවක් සිදු වුණා. ප්‍රබල යුද නායකයන් අලි ජානි සහ ගොලාම් රේසා ඝාතනයට ලක්වීමෙන්, ඔවුන්ගේ දේශපාලන සහ යුද මෙහෙයුම් හැකියාව අහිමි වුණා.

මෙය ඉරානයේ අනාගත යුද්ධ සැලසුම් සහ දේශපාලන මට්ටමේ දැවැන්ත බලපෑමක් ඇති කළා.

මෙම සියලු තත්ත්වය ලෝකයම අතිශයින්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දීමට සිදු කරනවා.

ආර්ථික, යුද, මානසික බලපෑම් එකට මිශ්‍රව, ලෝකය දැවැන්ත ආර්බුදයකට ඇදගෙන යනු ඇත.

එසේම, සාමාන්‍ය ජනතාවට යුද්ධය සඳහා වන චිත්ත ධෛර්යය සහ සහභාගීත්වය නැති වීම, මේ තත්ත්වය තවත් බරපතල කර තිබෙනවා.

Popular Articles