
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් එම කලාපයේ පාසල් ගුරුවරුන්ට 2026 මාර්තු 15 දින තංගල්ල නගර ශාලාවේදී අගමැති හරිණි අමරසූරි මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ රැස්වීමට ගුරුවරුන් නොපැමිණීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
2026 මාර්තු 23 දින නිකුත් කළ වෘත්තීය සටහනක් මඟින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කේ. කල්‍යාණි විසින් සඳහන් කර ඇත්තේ, මෙම රැස්වීම තංගල්ල කලාපයේ ගුරුවරුන් සඳහා සංවිධානය කර තිබූ අතර, ඔවුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු කලින්ම ඉල්ලා තිබූ බවයි.
එම නියෝගයට අනුව, එක් එක් පාසලට අදාළව ගුරුවරුන් රැස්වීමට නොපැමිණි හේතු විස්තර කරමින් වාර්තා සකස් කර, 2026 මාර්තු 26 දිනට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයට ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී ඇත.
තවද, එම තොරතුරු රාජකාරී අවශ්‍යතා සඳහා ඉතා වැදගත් බැවින්, ප්‍රමාදයකින් තොරව වාර්තා ලබා දිය යුතු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.


