Tuesday, March 31, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

හැටන් පාසල් සිසුන්ගේ පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ළමා සුරැකුම් මධ්‍යස්ථානයට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා එළඹෙන අප්‍රේල් 06 වැනිදා දක්වා වේරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මීට සති තුනකට පමණ පෙර එම පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදීම එය පාසල් මට්ටමින් සමතයකට පත් කර තිබුණද, පහරදීම පටිගත කළ වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය (Social Media) ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය විය.

වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ, පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් පසුගියදා හැටන් පොලීසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ හැටන් පොලිසිය විසින් පසුගිය 28 වැනිදා සැකකාර සිසුන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිසට පහර දුන් බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු සහ එක් ආදි සිසුවෙකු ඇතුළත් වේ.

සැකකාර සිසුන් තිදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ වයස සහ සිද්ධියේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් ලබන මස 06 වැනිදා දක්වා ආරක්ෂිත භාරයේ තැබීමට නියෝග කෙරුණි.

මේ සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Popular Articles