ඉරානය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවරය අතිශය දැඩි කරමින් ඉරානයට අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට පෙර ලබා දී තිබූ දින 10ක සහන කාලය දැන් අවසන් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඉරානයට තීරණයක් ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය 48ක කාලයක් පමණක් බව අවධාරණය කළේය.
සිය ‘TruthSocial’ ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, මෙම කාලසීමාව තුළ ඉරානය සාධනීය පියවරක් නොගතහොත් “නිරයම ඔවුන් මතට ඇද වැටෙනු ඇති” (Hell will break loose) යනුවෙනි.
ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම දැඩි බලපෑමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉරානය විසින් අවහිර කර තිබීමයි. ජනාධිපතිවරයා ඉරානයට කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇත:
අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම.
මෙම තීරණාත්මක පැය 48 ඇතුළත ඉරානය දක්වන ප්‍රතිචාරය මත කලාපීය සාමය මෙන්ම ලෝක වෙළඳපොළේ තෙල් මිල කෙරෙහිද විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.




