Tuesday, April 7, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් අවසන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වසර 10කට පෙර ආරම්භ කළ විමර්ශනයකට අදාළව වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ.

BC/2992/2015 දරන මෙම විමර්ශනය 2015 වසරේදී ආරම්භ කර ඇති අතර, වසර 10ක් ගතවී ඇතත් අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙතෙක් පියවර ගෙන නොමැති බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (උ) වගන්තිය යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව, ලබන අප්‍රේල් මස 10 වන දිනට හෝ ඊට ප්‍රථම අදාළ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවට අවසන් වරට ලිඛිතව දැනුම් දී ඇත.

වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ සාධාරණ පැහැදිලි කිරීමක් කිරීමට අපොහොසත් වීම ‘දූෂණය’ නමැති වරද යටතට ගැනෙන අතර, ඊට වරදකරු වන අයෙකුට:
රුපියල් මිලියන 7ක් දක්වා දඩයක්.
වසර 7ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකිය.
මීට අමතරව, අදාළ දේපළ පැවරීම තහනම් කිරීමට සහ වරදකරු වූ පසු ඒවා රාජසන්තක කිරීමටද කොමිසමට බලතල පැවරී තිබේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක මහතා අවධාරණය කළේ මින් ඉදිරියට කාලය දීර්ඝ නොකරන බවයි. මෙම නිල ලිපිය හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලේ පිහිටි ‘කාල්ටන්’ නිවස වෙත යොමු කර ඇත.

Popular Articles