Sunday, May 10, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ලොව දිනූ ශ්‍රී ලාංකේය නිවුන් නර්තන කණ්ඩායම ජයග්‍රාහීව මව්බිමට පැමිණෙයි

චීනයේ පැවති 20 වැනි ලෝක විශාලතම නිවුන් උළෙලේදී (World Largest Twins Festival – 2026) හොඳම නර්තනාංගයට හිමි සම්මානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (8) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

රටවල් 47ක සහභාගීත්වයෙන් අප්‍රේල් 29 සිට මැයි 04 දක්වා චීනයේ මෝජෑන් (Mojiang) නුවරදී මෙම උළෙල පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායේ එන “අංගම්පාලිය” නර්තනාංගය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඇගයීමට ලක් වූ අතර, එය උළෙලේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර විය.

ජයග්‍රාහී කණ්ඩායම ඊයේ රාත්‍රී 09.28 ට චීනයේ චෙන්ඩු නුවර සිට CA-425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

මේ අතර, ලෝක නිවුන් සම්මේලනයේ සංවිධානයෙන් එළඹෙන සැප්තැම්බර් මාසයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ නිවුන් උළෙලක් මෙරටදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

Popular Articles