Sunday, May 10, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මුල් මාස 4 තුළ සංචාරකයින් ලක්ෂ 9ක් ලංකාවට

මේ වසරේ ගත වූ කෙටි කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිල දත්ත වාර්තාවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 904,855කි.

ඉන් අතිබහුතරයක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 200,796ක් ලෙස සටහන් වේ.

ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද විශාල වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.

තවද, මැයි මාසය ආරම්භ වී පළමු දින 06 ඇතුළත පමණක් විදේශිකයින් 28,578 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

Popular Articles