මුදල් අමාත්‍යාංශය විසින් ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති Anura Kumara Dissanayake මහතාගේ අත්සනින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයට අනුව, අද (16) සිට මාස තුනක කාලයක් සඳහා මෙම අධිභාරය ක්‍රියාත්මක වේ.
එසේම, 2026 මැයි 15 දින හෝ ඊට පෙර ණයවර ලිපි (L/C) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50% අධිභාරය බල නොපාන බවද සඳහන්.
මීට පෙර මෙම අධිභාරය 2026 අප්‍රේල් 01 සිට ඉවත් කිරීමට තීරණය කර තිබූ නමුත්, නැවත එය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.




