Friday, May 22, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරයි

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අද (මැයි 22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකාර හිමියන් වෙනුවෙන් නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, උන්වහන්සේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියම කළේය.

අධිකරණය විසින් පනවා ඇති ඇප කොන්දේසි,

  • සැකකාර හිමියන් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය පියවර ගත්තේය.
  • ඇප කොන්දේසි කඩ කිරීමක් සිදු වුවහොත් හෝ විමර්ශනවලට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් වාර්තා වුවහොත්, ලබා දී ඇති ඇප නියෝගය වහාම අවලංගු කරන බව මහේස්ත්‍රාත්වරයා තරයේ අවධාරණය කළේය.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හේමරතන හිමියන් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

බන්ධනාගාරගතව සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ, ඊයේ (මැයි 21) දහවල් කාලයේදී බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව අද (මැයි 22) දිනයේදී සැකකාර හිමියන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ඇප නියෝගය ලබා දී ඇත.

Popular Articles