2022 වසරේ මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරි මාසය තුළ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සඳහන් කළාය. ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වූ හිටපු පොලිස්පතිවරයාගේ නීතිඥ කණ්ඩායම, අධිචෝදනා ගොනු කරන්නේ නම් නඩු විභාගය පල රහිත බවට තර්ක කළහ. අධිකරණය විසින් මෙම පෙත්සම සැප්තැම්බර් 02 දින දක්වා කල් තැබීමට නියෝග කළේය.




