අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කොළඹ මහාධිකරණය විසින් ජුනි මස 09 වැනිදා දක්වා කල් තබා තිබේ.
අද (26) උදෑසන මෙම නඩු කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. තීන්දුව තවමත් සූදානම් කර නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව විනිසුරුවරයා සඳහන් කළේය.
2006 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී වාහන කුලියට ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම නඩු පවරා ඇත.




