Tuesday, May 26, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම් !

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24ක් ආවරණය වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

පහත දැක්වෙන ප්‍රදේශවල පදිංචිකරුවන් නායයෑම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි.

🔴 අවදානයෙන් සිටින්න (අනතුරු ඇඟවීමේ මට්ටම 2 – ඇම්බර්)

  • කෑගල්ල: දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට
  • රත්නපුර: රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ

🟡 විමසිලිමත් වන්න (අනතුරු ඇඟවීමේ මට්ටම 1 – කහ)

  • කොළඹ: සීතාවක, පාදුක්ක
  • ගම්පහ: අත්තනගල්ල
  • කළුතර: ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම, අගලවත්ත
  • කෑගල්ල: බුලත්කොහුපිටිය
  • නුවරඑළිය: අඹගමුව
  • රත්නපුර: පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල

කඳුකර ප්‍රදේශවල පදිංචි ජනතාව පොළොවේ ඉරිතැලීම් හෝ බෑවුම්වල සිදුවන වෙනස්කම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.

Popular Articles