පාසල් දරුවන් අතර මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීමත් සමඟ, එය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ප්‍රධාන රෝග ලක්ෂණ,
- උණ, හිසරදය සහ වමනය.
- සාමාන්‍යයෙන් දින 7ක් තුළ රෝගය සුව අතට පත්වේ.
- වෛරසයට නිරාවරණය වී දින 3ත් 7ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු විය හැක.
රෝගය බෝ වන ආකාරය,
- අපවිත්‍ර වූ ජලය සහ ආහාර (මළ-මුඛ මාර්ගයෙන්).
- රෝගියකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මඟින්.
- සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා.
ආරක්ෂිත පියවර,
- සබන් යොදා දෑත් හොඳින් සේදීම.
- කැස්ස හෝ කිවිසීමේදී මුඛය සහ නාසය වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටිෂූ එකකින් ආවරණය කර ගැනීම.
- රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම.
- නිවස සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.
- ප්‍රජා මට්ටමින් සහ ආයතනික වශයෙන් මෙම උපදෙස් පිළිපැදීම මගින් රෝග ව්‍යාප්තිය පාලනයට සහයෝගය ලබා දෙන්න.



