දිවයින හරහා නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වීමත් සමඟ ඉදිරි පැය කිහිපයේදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
අවධානයට ලක්විය යුතු ප්‍රදේශ,
- බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක.
- ඌව පළාතේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
සුළං තත්ත්වය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැ.කි.මී. 30-40ක පමණ වේගයෙන් හමන තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි පවතින විට ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික සුළං පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට සිහිපත් කරයි.




