රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මැරීමේ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජශාලා වසා තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අද (27) දින සිට ජුනි මස 02 වැනි දින දක්වා වෙසක් සතිය තුළ අදාළ ස්ථාන මෙලෙස වසා තැබීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, එළඹෙන මැයි 30, 31 සහ ජුනි 01 යන දිනයන්හිදී දිවයින පුරා සතුන් මැරීම සහ මස් මාංශ අලෙවිය (සුපිරි වෙළෙඳසැල් ඇතුළුව) සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එම කාලසීමාව තුළ රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජශාලා වසා තැබීමටද බලධාරීන් විසින් නියෝග කර ඇත.




