මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියරට අයත්, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන පරිදි, මෙම නව ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 18.7ක දුරකින් යුත් මාර්ග කොටසක් සංවර්ධනය කෙරේ.
දේශීය අරමුදල් මගින් මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්නා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දේශීය කොන්ත්‍රාත් සමාගම් මගිනි.
මීට සමගාමීව, මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර ලෙස සැලකෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ලබන වසරේ මැද භාගය වන විට එම කොටස අවසන් කිරීමේ ඉලක්කයක් පවතී.
මූල්‍ය දත්ත අනුව, පොතුහැර – රඹුක්කන අදියර සඳහා රුපියල් බිලියන 78ක් වැය වන අතර, අලුතින් ආරම්භ කෙරෙන රඹුක්කන – ගලගෙදර කොටස සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට සැලසුම් කර ඇත.




