Sunday, June 7, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

“ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න මේක හොඳටම ඇති!”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට රජය දරන උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය සිය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ රජයේ මෙම සූදානම පිටුපස කිසියම් යටි අරමුණක් පවතින බවට බලවත් සැකයක් මතුවන බවයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස සීමා කර ඇත.

නමුත් නව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එම සීමාවන් තවත් වසර දෙක (02) බැගින් දීර්ඝ කිරීමට රජය ගන්නා උත්සාහය කෙරෙහි නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබේ.

“ජනාධිපතිවරයා වගකීම පැහැර හැරලා – දෝෂාභියෝගයකට වුණත් පුළුවන්”

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 08ක පුරප්පාඩු පවතින බව නිවේදනය මඟින් හෙළිදරව් කර ඇත.

මෙම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ හිතාමතාම පැහැර හැර ඇති බවට ද ඔවුහු සෘජුවම චෝදනා කරති.

“තමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම මෙලෙස පැහැර හැරීම, ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් (Impeachment) පවා ගෙන ඒමට පාදක කරගත හැකි බරපතළ කරුණක්.”

දැනට ඉහළ අධිකරණවල නඩු රාශියක් ගොඩගැසී පවතින බැවින්, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමට නම් කළ යුත්තේ අධිකරණවල යටිතල පහසුකම් පුළුල් කිරීම සහ පවතින විනිසුරු පුරප්පාඩු වහාම පිරවීමයි.

එම ප්‍රායෝගික ක්‍රියාමාර්ග මඟහැර, විනිසුරුවරුන්ගේ සේවා කාලය පමණක් දිගු කිරීමෙන් නඩු ප්‍රමාදය කිසිසේත් වළක්වාලිය නොහැකි බව නීතිඥ සංගමය පවසයි.

නිසි පරිදි පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර, විනිසුරුවරුන් විශ්‍රාම යන කාලය පමණක් දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම තුළින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය (Independence of the Judiciary) පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වන බව ද ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Popular Articles