Sunday, June 7, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

“මගේ හස්බන්ඩ්ව ස්කේප්ගෝට් කෙනෙක් කරලා!” වසර 38ක් රට රැකපු බුද්ධි ප්‍රධානියා වෙනුවෙන් නැගී සිටින්නැයි බිරිඳගෙන් හදිසි ඉල්ලීමක්

හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා වසර 38ක දිගු කාලයක් පුරාම සිය මුළු ජීවිතයම රට වෙනුවෙන් කැප කරමින් විශාල සේවයක් කළ අයෙකු බවත්, අද වන විට ඔහු මුහුණ දී සිටින අසාධාරණය වෙනුවෙන් ඔහුට කෘතගුණ දැක්වීමට සමස්ත මහජනතාවට කාලය එළැඹ ඇති බවත් ඔහුගේ බිරිඳ පවසයි.

රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින සුරේෂ් සලේ මහතා, තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පිළිබඳව සොයා බැලීම සඳහා අද (07) ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා CID මූලස්ථානය වෙත පැමිණ තිබුණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

තවමත් සැකකරුවෙකු පමණක් වන තමන්ගේ සැමියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඉතාමත් අමානුෂික අන්දමින් සලකන බවත්, එහි කිසිඳු සාධාරණත්වයක් නොමැති බවත් සලේ මහතාගේ බිරිඳ චෝදනා කරයි.

“මගේ හස්බන්ඩ් සම්පූර්ණයෙන්ම නිවැරදියි (Innocent) කියලා හැමෝම දන්නවා. එයාව මේ වෙලාවේ ‘බිල්ලෙක්’ (Scapegoat) කරගෙන ඉන්න බව හොඳටම පැහැදිලියි.

අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවෙනුත් සනාථ කරලා තිබෙනවා ඔහුට ඉතාමත් අමානුෂික අන්දමින් (Inhuman treatment) සලකා තිබෙනවා කියලා. විමර්ශන කරනවාට අපේ අමනාපයක් නැහැ, නමුත් මිනිසෙකුට මානුෂීය විදිහට සලකන්න ඕනේ.”

මෙම මාරාන්තික උපවාසය වහාම අත්හරින ලෙස තමන් ඇතුළු පවුලේ පිරිස් සුරේෂ් සලේ මහතාගෙන් බෙහෙවින් ඉල්ලා සිටියද, ඔහු එය කිසිසේත්ම පිළිගැනීමට සූදානම් නැති බව ඇය පවසයි.

තමන්ට සිදුවන ව්‍යවස්ථාමය සහ මානුෂීය අසාධාරණය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටින බවත්, ඔහු සැමවිටම කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ සෘජු මිනිසෙකු බැවින් තමන් ඔහු පිළිබඳව ආඩම්බර වන බවත් ඇය කියා සිටියාය.

“එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මේ වගේ කැත අසාධාරණයකට එරෙහිව ඔහු අනිවාර්යයෙන්ම නැඟී සිටිනවා” යැයි ද ඇය සඳහන් කළාය.

වසර 38ක් තිස්සේ රට වෙනුවෙන්ම කාලය වැය කිරීම නිසා සිය දරුවෙකුගේ පාසල් කටයුත්තකටවත් සහභාගී වීමට සලේ මහතාට අවස්ථාවක් නොලැබුණු බව බිරිඳ මෙහිදී සංවේදීව සිහිපත් කළාය.

ඔහුට කිසියම් හෝ ශාරීරික හානියක් සිදුවීමට ප්‍රථම වහාම ඔහුව රෝහල්ගත කිරීමට වගකිවයුත්තන් පියවර ගත යුතු බව ඇය අවධාරණය කරයි.

Popular Articles