හොර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළින් ගුවනේ පියාසර කරමින් තිබූ ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ට අයත් හෙලිකොප්ටර් යානයකට ඉරාන ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර එය බිම හෙළීමට පියවර ගෙන ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා (Donald Trump) නිල වශයෙන් චෝදනා කර තිබේ.
මෙම දරුණු සිදුවීමත් සමඟ අතිශය කෝපයට පත් ඇමරිකානු රජයේ සහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගය පරිදි, ඇමරිකානු සන්නද්ධ බලකායන් විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් මේ වන විට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් (Massive Airstrikes) ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය වෙත මෙම දරුණු ප්‍රතිප්‍රහාර මාලාව ආරම්භ වූ බව නිල වශයෙන් තහවුරු කරමින් ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (US CENTCOM) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මඟින් ඔවුන් අවධාරණය කර සිටින්නේ, “මෙම හමුදා මෙහෙයුම ඉරානය විසින් සිදු කරන ලද අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියාවට එරෙහිව ඇමරිකාව විසින් එල්ල කරන ලද සමානුපාතික ප්‍රතිචාරයක්” (Proportional Response) වන බවයි.
මේ වන විට ක්‍රියාත්මක වන ඇමරිකානු ප්රහාරයන් හේතුවෙන් පර්සියානු ගල්ෆ් වෙරළ තීරය (Persian Gulf) සහ හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ඉරාන යුද කඳවුරු පවතින කලාපීය ප්‍රදේශවලින් ඉතා ප්‍රබල සහ බියකරු පිපිරුම් හඬවල් මාලාවක් අඛණ්ඩව ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම හදිසි යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ ලෝක තෙල් මිල කෙරෙහි ද ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල වීමේ බරපතළ අවදානමක් මතුව ඇත.



