spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

තානාපති කාර්යාල වලදී සාගර හොට බිම ඇන ගනී..

රාජපක්ෂ පවුලේ ප්‍රධාන නීති උපදේශක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් රාජ්‍ය ගණනාවක මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල දී අන්ත අසරණ වී ඇති බව අනාවරණය වේ.

ඔහු තානාපතිවරු හමු වී ඉල්ලා ඇත්තේ වත්මන් ආණ්ඩුව මර්දනකාරී ක්‍රියාමාර්ගවල යෙදී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර මැදිහත් වෙන ලෙසත් ය. එහෙත්, එම තානාපති නිලධාරීන් සාගර කාරියවසම්ගෙන් පෙරලා ප්‍රකාශ කර ඇත්තේ එවැනි මර්දනකාරී ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු පිළිගත හැකි ස්වාධීන තොරතුරු වාර්තා වී නැති බව ය. ඒ වෙනුවට රට තුළ සිදු කළ දරුණු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බවට ස්වාධීන ආයතන ගණනාවකින් වාර්තා ලැබී ඇතැයි එම නිලධාරීන් පොදුවේ ප්‍රකාශ කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

සාගර කාරියවසම් ඉදිරිපත් කළ කරුණු අතර මූලික වී ඇත්තේ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම බව වැඩි දුරටත් වාර්තා වේ.

Popular Articles