ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නිල උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ සහ විවිධ වෘත්තික ක්ෂේත්‍රවල විශේෂ අවධානයක් යොමු වී තිබේ.
ප්‍රාථමික අධිකරණවලට අලුතින් බඳවාගත් විනිසුරුවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ අධිකරණ විනිසුරුවරුන් හට ජනතාවගෙන් බලය ඓතිහාසිකව ලැබී තිබෙන බවත් එම බලය ජනතාවගේ යහපත උදෙසා යොදාගත යුතු බවයත්. “ඔබ ඒ බලය ඔබේ නිවසෙන් රැගෙන එන්නේ නැහැ. අපි එය ලබාදෙන්නෙත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව ලබා දෙන්නෙත් නැහැ. එසේනම් ඔබට ඒ බලය ලබා දෙන්නේ කවුද? ජනතාව. කාගේ යහපත උදෙසාද? ජනතාවගේ යහපත උදෙසා.” යනුවෙන් අවධාරණය කරනු ලැබීය.




