spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මර්වින් සිල්වා ඇමති අවුරුදු 02 ට වත්කම මිලියණ 600යි.

හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරවු විය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ ලබන අගෝස්තු මස 20දා විභාගයට ගැනීමට නියමිතය.

එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව වාර්තාවේ.

මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

Popular Articles