spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මීගමුව, මහර , ඊළඟට…?

බන්ධනාගාර ඉස්සරහ අඬන බෙරිහන් දෙන අම්මලා විහිළුවට ගන්න එපා…”දරුවො හරියට හදාගත්තා නම් ඔහොම වෙන්නෙ නෑනෙ” වගේ කතා කියලා දෝශාරෝපනය කරන්නත් එපා….මේක ඒකට වෙලාව නෙවෙයි…අනික අපිට හිතාගන්න බැරි සංකීර්ණතා ගොඩක් එක්ක ඔය තත්ත්වෙට දරුවෙක් වැටෙන්නෙ …ඒවාට අම්මලාගෙ වැරදි තියෙන්නත් පුළුවන්… අම්මලාගෙ වැරදි විතරක් නොවෙන්නත් පුළුවන්…කොහොම වුනත් කිසිම අම්මා කෙනෙක් කැමති නෑනෙ තමන්ගෙ තමන්ගෙ දරුවො මරු මුවේ වැටෙනවා දකින්න… ඒ මිනිස්සුන්ගේ නූගත් කම හරි මොකක් හරි හින්දා කියවෙන වචන… වරදින වචන…. අරං ඒවා ලොකු කරන් දඟලන්නත් එපා… ඒ මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනෙක…ඒ ගොඩක් වෙලාවට අපි මේ සීලාචාර මධ්‍යම පාන්තික ජීවිතය හදද්දි අපට අතෑරිච්ච මිනිස්සු….

මහර බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශය, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර මුළුතැන්ගෙය හා කර්මාන්ත අංශ සහ බන්ධනාගාර ගොඩනැගිලි රාශියකට ද රැඳවියන් විසින් අලාභ හානි කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා නිල ලෙස ප්‍රකාශ කරල තියෙනව….

සෙනසුරාදා තමයි… මහර බන්ධනාගාරයේ “නොසන්සුන්තාවක්” ඇති වුනේ….

රැඳවියෙකු ජීවිතක්ෂයට 7 දෙනෙකුට තුවාල
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැන් සියල්ල සමණය වී ඇති බව පවසණව…

ගැටුමට හේතුව බන්ධනාගාරයේ අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නෙ..

900කට සිටීමට පමණ ධාරිතාවයක් ඇති ස්ථානයක 4,000කට අධික පිරිසක් රඳවීම මෙයට හේතුව බව ඔවුන් පවසන්නේ..

මහර බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අයුරු…

එමෙන් ම, මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට බස්නාහිර පළාතේ අනෙකුත් බන්ධනාගාරවල ද ආරක්ෂාව තහවුරු කර ඇති බව ඔහු සඳහන් කළා.

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින ජනතාවට නිවෙස්වලට ම වී සිටින ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටින අතර, යම් හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ළඟ ම සිටින පොලිස් ස්ථාණයක උදව් ගන්නා ලෙස දැණුම් දී තිබෙනව..

Popular Articles