spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

රජය විසින් මේ අත්හරින්නේ දෙමාපියන්,පවුලේ අය “තමන්ගේ සල්ලිවලින් හෝ කුඩු බොන්නට” දී ආරක්ෂා කරගත් ජීවිතය.

අප රටේ බන්ධනාගාරවල මේ පුපුරා යන්නේ ඒවායේ ඇති අසීමිත තදබදය සහ රජයන් විසින් ඔවුන් කැප කළ හැකි ජිවිත ලෙස සැලකීමත් ඒ නිසා ඔවුන්ට මිය යන්නට ඉඩ දී තිබීමේත් දිගුවය.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයට අනුව, මහර බන්ධනාගාරයේ රඳවා තැබීමට හැකි සංඛ්‍යාව වන්නේ 991 කි. නමුත් එහි දැනට රඳවා ඇති පිරිස 4447 කි.

වත්මන් රජයේ මත්ද්‍රවය මර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ බන්ධන්ගාරවල පරිහරණය සහ සංසරණය වන මත්ද්‍රවය ප්‍රමාණය අඩු වී තිබේ.

එහෙත් 991 ක් රඳවා තැබිය හැකි ස්ථානයක 4000 කට වැඩි පිරිසක් රඳවා තබා ඇතිනම්, ඔවුන් එහි සිටිය යුත්තේ අසිහියෙහි. පියවි සිහියෙන් මනුෂ්‍යයෙකුට එහි සිටිය නොහැකිය. ඒ නිසා ඔවුන් මත් ද්‍රව්‍ය ගෙන අසිහියෙන් එහි සිටින්නට ඇත.

අර අම්මා කෙනෙකු කීවේ තමන්ගේ දරුවෝ කුඩු ගහන්නේ තමන්ගේ සල්ලිවලින් බවය. එය ඇත්තය. සහ එපමණක් නොවේ. ඒ සල්ලිවලින් ඔවුන් තමන්ගේ දරුවන්ගේ, සහෝදරයන්ගේ සහ ස්වාමි පුරුෂයන්ගේ ජීවිතද ආරක්ෂා කර ගනියි.

මෙසේ ආරක්ෂා කරන මේ කැප කළ හැකි පහළ පාන්තික ජිවිත ශික්ෂණය කිරීම සඳහා රජය විසින් මරා දමා හෝ ඔවුන්ට එකිනෙකා මරාගැනීමට ඉඩදී පලක් නැත. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයට අදාළ ව්‍යුහාත්මක ප්‍රශ්න විසදිය යුතුවේ.

ඇත්ත වශයෙන්ම ලංකාවේ බහුතරයකගේ ජිවිත කැප කළ හැකි ජීවිතය. එම ජිවිත කම්කරුවාගේ සිට, දෙමළා සහ බන්ධනාගාර රැඳවියා දක්වා දිගු වේ. තමන්ගේ සල්ලිවලින් කුඩු බී විනාශ වී යනවාට වඩා රජයේ ආරක්ෂාව යටතේ සිටින මිනිස් ජීවිත අහිමි වීමට ඉඩ දීම භයානකය. ඒ රජය විසින් මේ අතහැර ඇත්තේ දෙමාපියන්, බිරින්දෑවරුන් විසින් “තමන්ගේ සල්ලිවලින් හෝ කුඩු බොන්නට” දී ආරක්ෂා කරගත් ජීවිතය.

රාජ්‍යය තරම් ජනතාව තාර්කික නැත. තාර්කිකත්වය විසින් මැරෙන්නට ඉඩ දී ඇති ජීවිත ඒ දෙමාපියන්ට බිරින්දෑවරුන්ට වටී. රජයක් ලෙස කළ යුත්තේ ජිවිතයට ඔවුන් ලබා දී ඇති ඒ අසීමිත වටිනාකම කෙසේ හෝ ආරක්ෂා කිරීමය…

Popular Articles