නොමිලේ ඩේටා ලබා දෙන මුවාවෙන් අනිෂ්ට මෘදුකාංග ජංගම දුරකතනවල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
නොමිලේ දත්ත ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මේ වනවිට මේ ආකාරයට අනිෂ්ට මෘදුකාංග ජංගම දුරකථන වල ස්ථාපනය කිරීම සිදු වේ.
මීට අමතරව “GOOGLE is celebrating its 21st birthday by giving 100GB 4G Free Data to all users” යනුවෙන් ජනතාව නොමග යවන සුළු පණිවිඩ මගින් ද මෙම අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීම සිදු කරනු ලබයි. එබැවින් එවැනි නොමිලේ දත්ත ලබා දීමේ මුවාවෙන් සිදුවන ක්‍රියාවලි පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජතාවට දැනුම් දෙයි.