වසර ගණනක් බාල වියේ දැරියක් අපයෝජනය කළ බවට චෝදනා ලැබූ නායක භික්ෂුවක් විනිසුරුවරුන් සඳහා වන ගේට්ටුවෙන් අධිකරණ භූමියට ඇතුළු වන රටක්..
මත්ද්‍රව්‍ය ජාවාරම, බරපතල අපරාධ, නීති විරෝධී වත්කම්, මූල්‍ය වංචා ඇතුළු චෝදනා තිබෙන ඉහළ පොලිස් නිළධාරීන්ට දඩුවම් වෙනුවට මාරු වීම් දෙන රටක්…
කොටි සංවිධානයට පගාව දී, වීසා මගඩිවලින් රටට ඩොලර් ලක්ෂ ගණනින් අහිමි කළ ආණ්ඩුවේ මිතුරු දේශපාලකයින් “දැහැමෙන්, සුවෙන්” කල් ගෙවද්දී ඔහුගේ නියෝග ක්‍රියාත්මක කළ නිළධාරීන් හිරබත් කන රටක්!
බහුජාතික සමාගමකින් ලිපියක් ලැබුණ පසු ජාත්‍යන්තරය ඉදිරියේ රටේ අධිකරණය හෑල්ලුවට ලක්කරන අධිකරණයක් තියන රටක්!
නීතියේ ආධිපත්‍යය … … රටක්. (ඔබ කැමති විදියකට හිස් තැන පුරවන්න)




