අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් එරට ‘ග්රීන් කාඩ්‘ ක්රමවේදය මේ වසර අවසානය දක්වා නතර කිරීමට තීරණය කර තිබේ.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුවන්ගේ රැකියා ප්රශ්නයට මේ හරහා විසඳුමක් ලැබෙනු ඇති බවය.
මෙම තීරණයත් සමඟ අමෙරිකාවට ඇතුළුවීමට අපේක්ෂාවෙන් සිටින ශ්රමිකයන් විශාල පිරිසකට බලපෑමක් එල්ලවනු ඇත.
ට්රම්ප් පාලනය විසින් කොරෝනා වෛසරය යැයි පවසමින් ආගමන නීති දැඩි කරන බව ඇතැම් විචාරකයන් විසින් මෙම තත්ත්වය විවරණය කරමින් පවසා සිටියි.