spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

වසර 70කට පසු එන දරුණුතම එල් නිනෝ තත්ත්වය ගැන එක්සත් ජාතීන්ගෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්


​එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලෝකය දරුණු කාලගුණික තත්ත්වයන් සහිත අනතුරුදායක කලාපයකට ඇතුළු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි…


​ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, මෙම ස්වභාවික කාලගුණ සංසිද්ධිය වසර 70කට වැඩි කාලයකින් ඇති වන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය විය හැකි බවට අනාවැකි පළ කර ඇත. එමෙන්ම මෙම තත්ත්වය අවම වශයෙන් 2027 පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස නිසා දැනටමත් පෘථිවියේ උණුසුම ඉහළ යමින් පවතින අතර, සක්‍රීය වී ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇත. මෙමගින් ලොව පුරා කාලගුණ රටාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, ඇතැම් ප්‍රදේශ දරුණු නියඟයන්ටත්, තවත් ප්‍රදේශ ප්‍රබල සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ටත් මුහුණ දෙනු ඇත.
​”එල් නිනෝ තත්ත්වය අපේ ඇස් පනාපිටම දැවැන්ත පරිමාණයෙන් වර්ධනය වෙමින් පවතිනවා. විද්‍යාත්මක දත්තයන්ට අනුව අපේ පෘථිවිය මින් පෙර කිසිදා මුහුණ නොදුන් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා,” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සඳහන් කළේය.



​එල් නිනෝ බලපෑමෙන් සිදුවන මරණ, අවතැන්වීම් සහ පරිසර හානිය අවම කරගැනීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමටත්, පෙර සූදානමක් ලෙස වෛද්‍ය ආධාර සැපයීමටත් රජයන් සහ විද්‍යාඥයින් පියවර ගෙන තිබේ.
​මේ අතර, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් මහාචාර්ය සෙලෙස්ටේ සවුලෝ අවධාරණය කළේ එල් නිනෝ තත්ත්වයට ලොව පුරා ජනතාවට සහ ආර්ථිකයන්ට දැවැන්ත පහරක් එල්ල කිරීමේ හැකියාව පවතින බවයි. එබැවින් මෙම දරුණු කාලගුණික අනාවැකි හැකිතාක් වැඩි පිරිසක් අතරට කඩිනමින් බෙදා හැරීම සඳහා ලෝක කාලගුණ සංවිධානය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Popular Articles