spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සජිත් අභියෝගවලට බියද..? පිරුණු කල නොසෙල්වෙන බවද?

බණ්ඩාරනායකටත්, ජේ. ආර්. ජයවර්ධනටත්, රණසිංහ ප්‍රේමදාසටත් මුහුණ දුන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ, අද විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාසගේ හැසිරීම ගැන විවිධ අර්ථකථන මතුවෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සිරි කොතට අනෙකුත් පක්ෂ නායකයන් සහභාගී වෙද්දී සජිත් නොපැමිණීමත්, නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් දැඩි පක්ෂග්‍රාහී ප්‍රකාශයක් නොවීමත්, ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගවලට ක්ෂණිකව වීදි දේශපාලනයෙන් පිළිතුරු නොදීමත් පදනම් කරගෙන,“සජිත් විපක්ෂ නායකත්වයට නුසුදුසුයි.. “ඔහුට අභියෝගයට බයයි.”යන කතා ඇසෙන්නට පටන්ගෙන තිබේ.

නමුත් ප්‍රශ්නය වන්නේ දේශපාලනයේ ශක්තිය මැනිය යුත්තේ කෑගැසීමෙන්ද, නැතිනම් නිවැරදි මොහොතේ නිවැරදි තීරණය ගැනීමෙන්ද?

සමගි ජන බලවේගය වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කිසිවිටෙකත් විරුද්ධ වී නැත.අපි තවමත් ස්වාධීන අධිකරණයක් සහ ස්වාධීන නීති පද්ධතියක් පිළිබඳ විශ්වාස කරමු.

ඒ වගේම නීතිය දේශපාලන පළිගැනීමේ ආයුධයක් බවට පත් කරන අවස්ථාවලදීත්, අත්තනෝමතික ලෙස පුද්ගලයන්ට සලකන අවස්ථාවලදීත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමට සජබය කිසිවිටෙකත් පසුබට වී නැත.රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සජබ පාක්ෂිකයන් පාරට බැස්සේත් ඒ නිසයි.

එහෙම නම්, නාමල් රාජපක්ෂට වෙනම නීතියක්ද?නැහැ.නීතිය කාටත් එක විය යුතුය.කවුරු හෝ වැරදිකරුවෙක් නම් නීතිය ක්‍රියාත්මක විය යුතුය. කවුරු හෝ නිර්දෝෂී නම් ඔහුට සාධාරණය ඉටු විය යුතුය.ඒ තීන්දුව දිය යුත්තේ දේශපාලන වේදිකාවකින් නොව, ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකිනි.

ආණ්ඩුවට හූ කියමින්, ජනතාව පාරට කැඳවා, ජාතිවාදය අවුස්සා, රටේ මිනිසුන් කණ්ඩායම්වලට බෙදාගෙන බලය ලබාගැනීමේ පැරණි දේශපාලනය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන මාර්ගය නොවේ.ඒ නිසාම සමහරුන්ට ඔහු “නිවටයෙක්” විය හැකිය.

නමුත් ජනතාව වෙනුවෙන් බලය භාවිත කරන දේශපාලකයෙකුට, සෑම ප්‍රශ්නයකටම කෑගසමින් පිළිතුරු දීමට අවශ්‍ය නැත.

ඔහු තෝරාගත යුත්තේ නිවැරදි පැත්තයි. ඔහු සිටගත යුත්තේ ජනතාවගේ පැත්තයි. ඔහු ආරක්ෂා කළ යුත්තේ නීතියේ ආධිපත්‍යයයි.සජිත් ප්‍රේමදාස ඒ මාර්ගය තෝරාගෙන තිබේ නම්, එය දුර්වලකමක් නොවේ.එය දේශපාලන පරිණතභාවයකි.

ජේ. ආර්. ජයවර්ධනටවත්, රණසිංහ ප්‍රේමදාසටවත්, මේ රටේ අතීත දේශපාලන නායකයන්ටවත් මුහුණ දීමට සජිත්ට බිය විය යුතු නැත.ඔහුට අතීතය සමඟ තරග කිරීමට අවශ්‍යත් නැත.

ඡන්දයෙන් පරාජය විය හැකිය. විවේචනයට ලක් විය හැකිය. නමුත් ඉතිහාසය නැවත ලිවිය හැක්කේ, නිවැරදි මොහොතේ නිවැරදි පැත්තේ සිටගත් නායකයන්ට පමණි.සජිත්ගේ නිහඬකම නිවටකමක් නොවේ. ඒ නිහඬකම තුළින් ඔහු කියන්නේ “දේශපාලනයට ඉහළින් නීතිය තිබිය යුතුයි” කියන එකයි.

ඉතිහාසය ඔහුව කෙසේ ලියනු ඇත්දැයි තීරණය කරන්නේ අද ඔහුට කෑගසන අය නොවේ.හෙට දවසේ ජනතාවයි.

✍️💚ශ්‍යාමා නිල්මිණි…

Popular Articles