මිස්ටර් කොත්තු නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන විරාජ් වික්‍රමනායකට අයත් කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ 581C රත්මල්දෙණිය වසමේ පිහිටි පරිශ්‍රයේ තිබී ඉතා විශාල ලෙස ඩෙංගු ව්‍යාප්ත වෙන ස්ථානයක් හමුවී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රජා සංවිධාන නියෝජිතයින් සහ කැස්බෑව නගර සභාවේ නිලධාරින් ඒකාබද්ධව අද (04) දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත.
ඒ, තම නිවාස අවට පරිසරයේ ඩෙංගු බෝ වීමට සහාය වන ජලය රැඳෙන සහ අපිරිසිදු ස්ථාන පිරිසිදු කර තබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඩෙංගු අධි අවධානම් තත්වයක් පැමිණෙමින් තිබෙන බවටත් අද දින නිවාස නිරීක්ෂණය කිරීමට පැමිණෙන බවත් පසුගිය 02 වනදා ජනතාව දැනුවත් කිරීමද සිදු කර ඇති පසුබිමකය.
කලින් දැනුවත් කර තිබියදීත් මොහු ඩෙංගු අවධානම පිළිබඳව කිසිඳු තැකීමක් සිදු කර නැති බවත් ඔහු ඉතා නොසැලකිල්ලෙන් කටයුතු කිරීම නිසා ඔහුගේ පරිශ්‍රයේ මහා පරිමාණයෙන් ඩෙංගු ව්‍යාප්ත වී ඇති බවත් වාර්තා වේ.
ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ජුලි 09 වනදා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අදාළ නිලධාරීන් ඔහු දැනුවත් කර ඇත.
අද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රත්මල්දෙණිය ග්‍රාම නිලධාරි, රත්මල්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, රත්මල්දෙණිය මහජන ආරක්ෂක කමිටුව නියෝජනය කරමින් ප්‍රජා පොලිස් පරීක්ෂක, ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සභාපති, රත්මල්දෙණිය ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සහ ග්‍රාමසංවර්ධන සමිතියේ, ජ්‍යෙෂ්ට පුරවැසි සංවිධානයේ, රත්මල්දෙණිය සමෘද්ධි සමිතියේ, මිණි මුතු කාන්තා සමිතියේ, සණස සමිතියේ සහ මහජන ආරක්ෂක කමිටුවේ සාමාජිකයින්, රත්මල්දෙණිය සංවර්ධන නිලධාරි ඇතුළු 25ක පමණ කණ්ඩායමක් එක්වී සිට ඇත.




