Sunday, May 31, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අටමස්ථානාධිපති හිමියන් දැරූ සියලු ධුර අත්හිටුවීමට මල්වතු මහාවිහාරය තීරණය කරයි

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාල ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව විශේෂ අවධානය යොමු කර තිබේ.

එම චෝදනා සම්බන්ධයෙන් පවතින තත්ත්වය සලකා බැලූ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව, පල්ලේගම හේමරතන හිමියන් විසින් මේ දක්වා දරණ ලද සියලුම ධුරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ අතර, අදාළ ධුරයන්හි රාජකාරි කටයුතු පවත්වාගෙන යාම සඳහා ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කිරීමට මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව පියවර ගෙන තිබේ.

Popular Articles