spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව ඇමති නලින්ද කියයි

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවත්  ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තාවීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමග සාකච්ඡා කිහිපයක් සිදු කර ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියේය.

එමෙන්ම සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත්වී වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බව ද නලින්ද ජයතිස්ස අනාවරණ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞදියේ පවතින නීතිය ප්‍රකාරව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

Popular Articles