spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මම අතුරුදහන් වෙලා කියල සමාජ මාධ්‍යය වල මඩ..

අතුරුදහන් වන්නේ හෝ ප්‍රශ්නවලින් පලා යන්නේ දුර්වලයින් බව පසුගිය දිනවල සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියති

තමන් නීතියට හිස නමන බවත් තමන් අතුරුදහන් වී නොමැති බවත් ඒ හිමියෝ සඳහන් කරති..

තමන් වහන්සේ අතුරුදහන් වී ඇති බවට අන්තර්ජාලයේ ප්‍රචාරය කර තිබුණ ද, අතුරුදහන් වන්නේ හෝ ප්‍රශ්නවලින් පලා යෑමට කටයුතු කරන්නේ දුර්වලයින් බවකත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කරති.

තමන් කටයුතු කළේ රට වෙනුවෙන් බැවින්, තමන් ගැටලුවලට මුහුණ දෙන බවත්, ඒවායින් පලා යාම සිදු නොකරන බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් පවසති.

කෙසේ වෙතත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දුන් සිර දඬුවමට පසුව එවකට ජනාධිපතිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා දුන් ජනාධිපති පොදු සමාව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍ය එක්නැලිගොඩ විසින් අභියෝගයට ලක් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති පොදු සමාව අහෝසි කරන ලදී. එතැන් පටන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩවාසය කළ ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට මාධ්‍ය වාර්තා පල විය.

Popular Articles