spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 334 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම වාර්තාවට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන්ව ඇත.

පසුගිය 27 වැනිදා අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් සහ විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙස පැවැති අතර, ඒ හා සසඳන විට මේ වන විට ඩොලරයේ අගය යම් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

Popular Articles