Friday, May 29, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ තීරණයක් !

ක්‍රිෂ් (KRISH) සමාගම් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

නඩුවට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රවලට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට පැවැත්වුණු අතර, එය අද දින නිල වශයෙන් අවසන් කිරීමට අධිකරණය කටයුතු කළේය.

ඉන් අනතුරුව, සාක්ෂි විභාග කිරීම ඇතුළු ප්‍රධාන නඩු විභාග කටයුතු ජූලි 07 වැනිදා සිට ආරම්භ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

මූල්‍ය අවභාවිතයක් සිදු වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

Popular Articles