spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ආජන්ටිනාවේ අශිෂ්ඨ හැසිරීම පැරදීමයි ස්පාඤ්ඤයේ ලොකුම ජය..

‘සමස්ත පාපන්දු ක්‍රීඩාවට ම හිමි වූ ජයග්‍රහණයක්’ ලෙස විස්තර කිරීම සාමාන්‍යයෙන් යල්පැන ගිය ප්‍රකාශයක් ලෙස දැකිය හැකි වුව ද, 2026 ලෝක කුසලාන අවසන් තරගයේදී ස්පාඤ්ඤය ලැබූ ජයග්‍රහණය එසේ විස්තර කළහොත්, එම අදහසට එකඟ නොවෙන මධ්‍යස්ථ මතධාරීන් වි අතිරේක කාලයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ විටත්, රොඩ්‍රි නිව් ජර්සිහිදී ලෝක කුසලානය ඉහළට ඔසවා ජයග්‍රහණය සැමරූ විටත්, ආර්ජන්ටිනාව වෙනුවෙන් කනගාටුවට පත්වූ විශාල පිරිසක් සිටි බව සිතීම අපහසු ය.

ක්‍රීඩකයන්ටත් ප්‍රේක්ෂකයන්ටත් එක සේ වෙහෙසකර වූ සටනකදී ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව පරාජය කරමින් සිය දෙවන පිරිමි පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තේ ය. පාපන්දු සම්බන්ධ සෑම මිනුම් දණ්ඩක් අනුව ම සහ සමහරුන් පවසන අන්දමට සදාචාරාත්මක වශයෙන් ද මෙය නිවැරදි ප්‍රතිඵලය විය.

මෙසී, මැරඩෝනා සහ පේලේ අතරින් පාපන්දු ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුද?

හිටපු එංගලන්ත නායක ඇලන් ශියරර්, “නිවැරදි කණ්ඩායම ජය ගත් බවට කිසිදු සැකයක් නැහැ,” යැයි පැවසීය. “ආරම්භයේ සිට අවසානය දක්වා ම ස්පාඤ්ඤය පන්දුවේ පාලනය ඔවුන් සතුව තබා ගත්තා. පාපන්දු ක්‍රීඩා කිරීමට, අවස්ථා නිර්මාණය කිරීමට සහ ප්‍රතිවාදීන්ගේ ආරක්ෂාව බිඳ හෙළීමට උත්සහ කළේ ඔවුන්.”

“ඔවුන් ක්‍රීඩා කළ ආකාරය සැලකුවා ම මේක පාපන්දු ක්‍රීඩාවට ලැබුණු ප්‍රතිඵලයක්. ස්පාඤ්ඤයට ජයග්‍රහණය අත්විය යුතු බව ඔවුන් ඔප්පු කළා.”

ස්පාඤ්ඤය පන්දුව 65%ක් ම ඔවුන් සතුව තබා ගත් අතර, අපේක්ෂිත ගෝල සංඛ්‍යාව 1.94ක් විය. ඔවුන් ගෝල ලබා ගැනීම සඳහා 20 වතාවක් පහර එල්ල කළ අතර ඒවායින් 11ක් ඉලක්කයට එල්ල විය.

අනෙක් පසින්, ගෝල රකින්නා වූ උනායි සිමෝන් තරග අටක් අතරින් හත් වන වරටත් ගෝල රහිත තරගයක් පවත්වා ගනිමින් තරගාවලියේ හොඳ ම ගෝල රකින්නාට හිමි රන් අත්වැසුම [Golden Glove] දිනාගත්තේ ය.

2026 ලෝක කුසලානයේදී ස්පාඤ්ඤයට එරෙහිව වාර්තා වූයේ, එක් ගෝලයක් පමණක් වන අතර එය ලෝක කුසලානය ජය ගත් ඕනෑ ම කණ්ඩායමකට එරෙහිව ලබා ගත් අවම ගෝල සංඛ්‍යාව යි.

Popular Articles