ස්පාඤ්ඤය විසින් ආර්ජන්ටිනාව විතරක් නෙමෙයි ඊශ්‍රායලයත් පරාජය කළා. බෙන්ජමින් නෙතනියාහු තරඟයට පැය කිහිපයකට පෙර ආර්ජන්ටිනාවට ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ අතර, ජනාධිපති ට්‍රම්ප් එසේ නොකළත් ඔහුගේ කැමැත්ත වුනෙත් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීම…
මෙවර ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය අවසාන වටයට තේරීම තුළ විශාල දේශපාලනයක් තිබුණා. ඒ එම රටවල් දෙක වත්මන් ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාන අක්ෂවල තිබෙන දේශපාලන ධ්‍රැවීකරණය ඒ ආකාරයෙන්ම නියෝජනය කිරීම තුළ. ආජන්ටිනාව පැහැදිලි ව ඇමරිකා- ඊශ්‍රායල පාර්ශවය නියෝජනය කළ අතර, ස්පාඤ්ඤය ඉරාන පාර්ශවය- නැතිනම් පලස්තීන පාර්ශවය නියෝජනය කළා. ඉරානයට පහර දීම සඳහා තම ගුවන්තොටුපළ භාවිතා කිරීම පමණක් නොව, ඇමරිකානු බෝම්බ යානාවලට තම භූමිය මතින් ගමන් කිරීම පවා ස්පාඤ්ඤය තහනම් කරල තියෙන්නෙ. ජනාධිපති ට්‍රම්ප් පසුගිය දා අන්කාරාහි පැවති නේටෝ සමුළුවේ දී ස්පාඤ්ඤය විවේචනය කළා…
කෙනෙක් කියන්න පුළුවන් ක්‍රීඩාව තුළ දේශපාලනය නැහැ කියල. ඒත් ඒක ඉතාම ළාමක ප්‍රකාශයක් පමණයි. ක්‍රීඩාව තෙමේ ම තුළ (in sport itself) තුළ දේශපාලනය නැතත්, ක්‍රීඩා කරන්නේම රටක්, ජාතියක් වෙනුවෙන් නිසා එතැනදීම දේශපාලනය ක්‍රීඩාව තුළට අවතීර්ණ වෙලා ඉවරයි….



