වත්මන් ආණ්ඩුව තනිපක්ෂ පාලනයක් සහ ඒකාධිපති ගමනක් සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බවත්, ඊට එරෙහිව කොන්දේසි විරහිතව නැගී සිටීමටත් අරගල කරමින් පාරට බැසීමටත් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් පැවසීය
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන හරපද්ධතිය සහ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා සැමවිටම ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් සහ ජනවරම කෙරෙහි විශ්වාසය තැබූ නායකයෙකු බවත් මෙහිදී සඳහන් විය එහෙත් වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයට මෙන්ම ප්රායෝගිකත්වයටද බියෙන් කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය
තවද, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඇතුළු පියවර හරහා ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයම අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් වැඩි බලයක් ලැබුණු විට දූෂණය වී අත්තනෝමතික ලෙස කටයුතු කළ ආණ්ඩුවලට ඉතිහාසයේදී ගෙදර යාමට සිදුවූ බවත් මතක් කර දුන්නේය..
ආණ්ඩුවේ ජනප්‍රියතාව සහ බලය මැනීමට ඇති හොඳම “ලිට්මස් පරීක්ෂණය” වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවත් මාධ්‍ය සංදර්ශන හෝ වෙනත් වාර්තා මත පදනම් නොවී ජනතාවගේ ඇත්ත කැමැත්ත මැතිවරණයකදී බලාගත හැකි බවත් අභියෝග කර සිටියේය.
තවද, නිදහස් වෙළඳපොළ පදනම් කරගත් සමාජ ප්රජාතන්ත්රවාදී ආර්ථික හා දේශපාලන දර්ශනයක් සහිතව රට ගොඩනැගීමේ නියම වැඩපිළිවෙළක් සහ විශ්වාසනීය කණ්ඩායමක් ඇත්තේ සමගි ජන බලවේගය සතුව පමණක් බවද වැඩිදුරටත් අවධාරණය කළේය..




